නිවැරදි ලිංගික අධ්‍යාපනය (18+)

ප්‍රිය පාඨකය 

ලංකාවේ ගබ්සා වෙන ප්‍රමාණය අඩුකිරීමට වගේම සමාජ රෝග පැතිරීම වැලක්වීමට එසේත් නැත්නම්  ලිංගිකත්වය යන විෂයෙහි ඇති නොදැනුවත් කම නිසාම පැන නගින්නාවූ නොයෙකුත් ගැටළු වලට ස්ථිර විසදුමක් ලෙස  නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව කාලාන්තරයක් තිස්සේ සමාජයේ පවතින කතිකාවතකි.නොයෙකුත් ප්‍රායෝගික ගැටළු සමග උවත් සමාජීය අවශ්‍යතාවක් ලෙස සේම සමාජයේ යහ පැවැත්ම අගයන්නා  වූ පුරවැසියකු වශයෙන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ කෙසේදැයි යම්තාක් හෝ  තරමකට විග්‍රහ කිරීමට තීරණය කරන ලද්දෙන් මෙම ලිපිය ලියමි. 
අප දකිනා චායාරුපයට වඩා ලොකු  චායාරුපය  (big picture) හාත්පසින්ම වෙනස් නිසා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට ඇති හැකියාව සොයා බැලීම කාගේත් කාලය ඉතිරි කිරීමක් වනු ඇත.සාමාන්‍යයෙන් යම් අධ්‍යාපනයක් හෝ දැනුම ලබාදෙන මාධ්‍ය කිහිපයක් ඇත.ප්‍රායෝගිකව දැක්වීම,වාචිකව කියාදීම සහ රූප සටහන් මගින් ඉගැන්වීම යනු ලොව පිළිගත් ප්‍රධාන ක්‍රම ත්‍රිත්වයයි.මෙම ක්‍රමයන් මේ වනවිට අධ්‍යාපනයේ භාවිත සම්මත සහ නිවැරදි ක්‍රමයන් වන අතර මේ වන විට එහි පරිනාමයේ ඉහලම තලයට පැමිණ සිටී.ලිංගික අධ්‍යාපනය ලබා දීමට මෙම ක්‍රමයන් ඉවහල් කර ගන්නේ කෙසේද ?.ඒවා පලදායී දැයි යන්න ජන මුලාශ්‍ර අනුසාරයෙන් සංවාදයට ලක් කිරීමට බලාපොරොත්තු වෙමි.

1.ප්‍රායෝගිකව දැක්වීම 

මෙහිදී ලිංගික කාර්යන් නිවැරදිව කිරීම ප්‍රායෝගිකව පෙන්වීමක් අදහස් කෙරේ.මේ අනුව ලිංගික අධ්‍යාපනය ලබන්නට පැමිණෙන සිසුසිසුවියන් ඉදිරියේ නිවැරදි ලිංගික ක්‍රියාවක් හෝ ඊට අදාළ දෙයක් ප්‍රයෝගිකව පෙන්විය හැකිය.අහෝ...පැරණි කතාවක් මතකයට නැගේ.

එක තරුණයකු ලිංගික උපකරණයක්(කොන්ඩමයක්) මිලදී ගැනීමට ඔසුසැලකට ගොස් එහි වෙළඳ සේවිකාවගෙන් කොන්ඩමයක් ඉල්වූ කල එය ලබාදුන් වෙළඳ සේවිකාව එය භාවිතා කිරීමට දන්නෙහි දැයි තරුණයාගෙන් විමසයි.තරුණයාගේ පිළිතුර වූ නැත යන්න හමුවේ අනුකම්පා සිත් ඇති වන සේවිකාව ඔහුට එය භාවිතා කරන අයුරු මාපට ඇගිල්ල අනුසාරයෙන් පෙන්වයි.සිදුවීම් එසේ ගලාගෙන යන අත‍ර තුරදී තරුණයා ගැන පිලිබඳ සිතක් ඇතිවන සේවිකාව තරුණයා හා සම්භෝගයෙහි යෙදේ.තරුණයා සුරාන්තයට පත්වූ විට සේවිකාව තරුණයාගෙන් විමසන්නේ ඔබ කොන්ඩමය පැළඳ සිටින්නේද යන්නයි.විපිළිසර වන තරුණයා තමන්ගේ කොන්ඩමය පැළඳි මාපට ඇගිල්ල පෙන්වයි.
ඉහත ජන මුලාශ්‍රයට අනුකුලව මානවකයාගේ නිගමනය නම් "ප්‍රායෝගිකව දැක්වීම නිවැරදි  ලිංගික අධ්‍යාපනයකට කිසිසේත්ම නොගැලපේ" යන්නයි .                       

2.වාචිකව කියාදීම 

මෙහිදී ලිංගික කාර්යන් නිවැරදිව කිරීම වාචිකව කියාදීමක් අදහස් කෙරේ.මේ අනුව ලිංගික අධ්‍යාපනය ලබන්නට පැමිණෙන සිසුසිසුවියන්...ඛේදයකි....නැවතත් පැරණි ජන කතාවක් මතකයට නැගේ.


එක් ඈත දනව්වක වෙසෙන නෑබුල් තරුණයෙකු පරිනත පිරිමියකු වනුවස් එක් වෛශ්‍යා ස්ත්‍රියක් ලඟට යෑමට සිතන්නේ තම ගමේ වැඩිමහල් පිරිමියෙකුගෙන් සම්භෝග කාර්ය ගැන විමසයි.වැඩිමහල්ලා තරුණයාට පවසන්නේ තමන්ගේ පුර්ශාන්ගය ස්ත්‍රිය මුත්‍රා කරන ස්ථානයට ඇතුළු කරන ලෙසයි.එය ඇසීමෙන් දිරිමත් වන තරුණයා ස්ත්‍රිය කරා එලබේ.නමුදු ස්වල්ප වෙලාවකින් වැඩිමහල්ලා වෙතට පැමිණෙන්නේ කේන්තියෙන් හා වේදනාවෙන් මැඩුණු මුහුනක්ද සහිතවය.තරුණයාගේ මුල්ම අත්දැකීමේ රසය විදිනු රිසි වැඩි මහල්ලා තරුණයාගෙන් විමසන්නේ අත්දැකීම කෙලෙසකද කියාය.තරුණයා වේදනා කාරී බව සහ කුරුමිණි කුහුබුවන් ගැන මැසිවිලි නගයි.එහන විමසන වැඩි මහල්ලාට තරුණයා පවසන්නේ...

මාම නෝ කිව්වේ ඒ ඇත්ති මුත්‍රා කොරන ස්ථානයට ඇතුල් කොරපන් කියල.මං ඉතින් බලාන ඉඳල ඒ ඇත්තිගේ ගේ පිටිපස්සේ පඳුරකට $#%^$#%$@^^%$@%$@%.$#%$#%^$#^$#^ .

 කතාව ඒ ඇතිය.කතාවෙන් ගත් ආදර්ශයට අනුකුලව මානවකයාගේ නිගමනය නම් "වාචිකව කියාදීම නිවැරදි  ලිංගික අධ්‍යාපනයකට කිසිසේත්ම නොගැලපේ" යන්නයි .   

3.රූප සටහන් මගින් ඉගැන්වීම 

මෙහිදී ලිංගික කාර්යන් නිවැරදිව කිරීම රූප සටහන් මගින් ඉගැන්වීමක් අදහස් කෙරේ.අටුවා ටීකා උවමනා නැත.කෙලින්ම ජන කතාවකින් සත්‍ය පහදනු කැමැත්තෙමි.


සංවාස කාර්යන්හි කෙල පැමිණි ආමන්ඩ නම් පුර්ශයානෝ ගුරුකුලයෙහි කල ගත කරන වකවානුවේ එකී ගුරුකුලයෙහි දිසාපාමොක් තෙමේ යම් මානසික පීඩාවකින් පෙලෙන්නෙහිය.එනම් ඔහු ස්වයං වින්දන කාර්ය කිරීම ගැන දැනුමක් නොමැති නිසාය.ආමන්ඩයා තමන්ගේ සිසුවෙකු බව දැනගන්නා දිසා පාමොක් තෙම ආමන්ඩයාට හොර රහසේ ලිපියකින් තම ගැටලුව ඉදිරිපත් කරයි.
ප්‍රිය ආමන්ඩය, ස්වයං වින්දනයේ 
යෙදෙන්නේ කෙසේද වහා පවසනු. මීට දිසාපාමොක්  
අහෝ ඛේදයකි ආමන්ඩ තෙමේ ගැටලුවෙන් වික්ෂිප්ත වේ.ඔහු තමන්ට ගැටළුව නොතේරුන බව හැඟවීමට ප්‍රශ්නාර්ථ ලකුණු ( ? ) පෙළක් සමග දිසාපාමොක් වෙත ලිපිය නැවත යවයි.

ප්‍රිය ආමන්ඩය, ස්වයං වින්දනයේ යෙදෙන්නේ කෙසේද වහා පවසනු. මීට දිසාපාමොක් 
???????????????????????????????????????????????????????????????????????????

එදා සිට දිසාපාමොක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ %$#^$#^%$^%$^&%$& අනුවය.

බහුතරයක් තරුණයින් මෙම කතාව දනී.නොදන්නා තරුණයින් දන්නා තරුණයින් ගෙන්ද.නොදන්නා තරුණියන් තමන්ගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන්ද අසන මෙන් ඉල්ලා සිටිමි . සැමියෙකු හෝ පෙම්වතෙකු නැති තරුණියන් පෙම්වතකු හෝ පෙම්වතෙකු ලද විගසම එය අසා දැන ගැනීමට මෙම ලිපිය පොත් සලකුණු (bookmark) කරන මෙන්ද ඉල්වා සිටිමි.

එම කතාවෙන් ලැබුණු ආදර්ශයට අනුව  මානවකයාගේ නිගමනය නම්  "රූප සටහන් මගින් ඉගැන්වීම  නිවැරදි  ලිංගික අධ්‍යාපනයකට කිසිසේත්ම නොගැලපේ" යන්නයි  

ලිපියේ සමස්ත නිගමනය නම් "පිළිගත් අධ්‍යාපන ක්‍රම නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට කිසිසේත්ම නොගැලපේ" යන්නයි.මේ සඳහා නව අධ්‍යාපනය ක්‍රම සොයාගත යුතුය එය පාඨක ඔබට බාර කරමින් මෙතනින් නවතිමි.

ප.ලි - ලංකාවේ පාඨකයෝ තමන්ට විශ්වාස දායක අයුරින් මේ වැඩේ කරන බව ගූගල් දෙයියා තහවුරු කරලා තියනවා.ආයේ අලුතින් පන්ති දාන්න දෙයක් නෑ.බලන්න ලංකාවේ උන්ගේ උවමනාව.        
Image

Comments